දිවයිනට ඇද හැලෙන අධිනක වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර දමා තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාල ගුණයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට නාවික හමුදාව සහන සැලසීමේ කටයුතු ආරම්භ කර තිබේ.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද (05) සහ හෙට(06) වැඩි වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඉදිරි දිනවලදී දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී (ඔක්තෝබර් 30) විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වන වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඉදිරි පැය 48 තුල දිස්ත්‍රික්ක 7කට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.