දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දින සිට ඉදිරි දින කිහිපයේ සවස් කාලයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අද (16) සබරගමුව පළාතෙත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100-150 පමණ ඉතා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හි දී තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවිය හැකියි.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. විශේෂයෙන්ම තද වැසි සහ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මුළු පවුල් සංඛ්‍යාව 2530ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 9016කි.

ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීමේ තත්වයක් ඇතිවී ඇතැයි ජනතාව පවසති.

දිවයින පුරා උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද (17) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද සිට තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.