18ක් පණපිටින් වැළලුනු කොලොම්බියාවේ නායයෑම

ජන 13, 2024

    කොලොම්බියාවේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නායයාමකින් 18 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

    තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. පස්කන්දක් අසළ මාර්ගයකට කඩාවැටී තිබෙනවා. බලධාරීන් පවසන්නේ, මාර්ගයේ වාහන තදබදය අතරතුර මෝටර් රථ පෙළක් මතට පස්කන්ද කඩාවැටීමෙන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ප්‍රදේශයේ නිවාස ඇතුළු දේපලවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කිහිප දෙනෙකු අතුරුදන්. අනතුරත් සමග මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර ඇති අතර, මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද බලධාරීන් සඳහන් කළා.

    Latest News