ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන්හිදී ඇරඹේ.

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය.

ආසියානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

15 වන ආසියා ෆැසිපික් ෂිතෝරියූ කරාතේ තරඟාවලියෙන් පදක්කම් 2 ක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට නාවික හමුදා ක්‍රීඩකයා සමත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ශ්‍රව්‍යාබාධිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් ශුරතාව හිමිකර ගැනීමට, ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් අනුමත කර තිබේ.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතයි. මීට අමතරව, තහනමට ලක්වූ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් ද එම තරගාවලියට සහබාගි වන බව වාර්තා වනවා. පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයක් අතරතුර පන්දුවක් පළුදු කිරීමේ චෝදනාවක් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මාස 12ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවුණා.

 

 

ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

15 වැනි ආසියානු පැසිපික් ශිතෝරියු කරාතේ තරගාවලියේ දී සුවිශේෂි දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.

93 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත්වුණා.

සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණ.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට, එංගලන්තය අද සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාව හිමිකර ගනී.

ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙනවා. 

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද අහිමිවී තිබේ.

පකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂණයට අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. ලබන 23 වැනිදා බ්‍රිස්බෙන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදි ඔහු මෙම පරික්ෂණයට සහභාගි වන බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ සැකය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුයි. ඒ අනුව සති දෙකක් ඇතුළත ඔහුව පරීක්‍ෂණයකට යොමු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට ඔහුට අවස්ථාව උදාවි තිබේ.
අකිල ධනංජය වෙනුවට නිශාන් පිරිස් ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඊයේ පැවැත්විණ.

Latest News