අද උදෑසන ඇද හැලුන වර්ෂාවත් සමඟ ශ්‍රි ලංකා සහ නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයේ පස්වන දිනයේ ප්‍රථම කාලයට පමණක් සිමාවීම නිසාවෙන් එය ජය පරාජයෙනන තොරව තරගය අවස‍න් කෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ 20-20 නායක ලසිත් මාලිංගව 2019 IPL තරගාවලිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 02කට මුම්බායි ඉන්දියන් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 259ක් රැස්කරගෙන සිටී. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අදයි.

පෙබරවාරි 7 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන් වෙයි

දසවන ලෝක කායවර්ධන ශූරතාවලියේ දී රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්වෙයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙති.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙයවන නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල අද (13) සමත් විය.

එංගලන්ත ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොන් ලුවිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක, අකිල ධනංජයයේ පන්දු යැවීමේ ඉරියව්ව, නිවැරදි කිරීමේ පුහුණු කිරීම් හෙට සිට ආරම්භ කෙරේ.

දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් රැස් කළේය.

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුල්ලකින් ජයක් හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමත් වෙති.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර තෙදින තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 67ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායේ හිටපු කඩුලු රකින්නෙකු වන ස්ටීවන් රික්සන් පත්කර තිබේ. 

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 109ක ජයක් හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමත් වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7 වැනි දින පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි.

78 වැනි ජාතික මල්ලව පොර ශුරතාවලියේ පිරිමි අංශයේ ශූරතාව නාවික හමුදාවට හිමිවිය.

Latest News