පාකිස්තානය පරදා සිම්බාබ්වේ ට තියුණු ජයක්

ඔක් 28, 2022

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේදී දෙවැනි වරටත් පරාජයට පත් වීමට පකිස්තාන කණ්ඩායමට සිදු වුණා.



    පකිස්තා ක්‍රීඩකයින් ඊයේ තරගවැදුණේ, සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

    තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් හිදී. මුලින් පන්දුවට පහර දුන් සිබ්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී, ලකුණු 130 ක් රැස් කළා. ශේන් විලියම්ස් ලකුණු 31 යි. පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 4 ක් සහ ශඩාබ් ඛාන් කඩුලු 3 ක් දවා ගත්තා. අනතුරුව, පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ලකුණු 131 ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම තියුණු තරගයකින් පසු එක් ලකුණකින් පරාජයට පත් වුණා. ශාන් මන්ෂූඩ් ලකුණු 44 යි. මොහොමඩ් නවාස් ලකුණු 22 යි. පන්දු යැවීමේ සිම්බාබ්වේ ක්‍රීඩක, සිකන්දර් රාසා කඩුලු 3 ක් දවා ගත්තා. බැඩ් ඩෙවන්ස් කඩුලු 2යි.

    Latest News