LAUGFS ටර්මිනල්ස් ලිමිටඩ් විසින් දකුණු ආසියාවේ විශාලතම පර්යන්තය හම්බන්තොට අන්තර් ජාතික වරායට සමීපව ආරම්භ කරන ලදී.

ඇල්ල ප්‍රදේශයට විදේශීය සංචාරක පැමිණිම පසුගිය දින කීපයක් තිස්සේ තරමක් අඩුවුවත් දැන් එය යථා තත්වයට පත්වෙමින් තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල ලෙස එළවළු තොග ලැබිමත් සමග ඒවා මිල දී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ අඩුවීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. මේ නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

දුර්ලභ ගණයේ දියමන්තියක් සොදබිස් වෙන්දේසි සමාගම විසින් පසුගියදා අලෙවි කෙරිණ.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ හිමිකාරිත්වය යටතේ නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩලය තිරණය කර තිබේ.

පසුගිය මාර්තු මාසය තුළ චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලා 02කට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු කෙරිනි.

2019 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50න් 35 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ “Ministry of Crab” අපනශාලාව සමත් වෙයි.

ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේ "ස්මාර්ට් නගරය" ව්‍යාපෘතිය පොලොන්නරුවෙන් ආරම්බ කිරිමට සැලසුම් කර තිබේ.

සංචාරක පැමිණීම මේ වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

පළතුරු අස්වැන්න ඇති කාලෙට පළතුරු අතිරික්තයක් ඇතිවීම සෑම රටක්ම මුහුණ දෙන යථාර්තයක්.

ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් සහිත ෆ්ලෙක්සි කෙයාර් වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිරිකිරිම් අද ආරම්භ කෙරිණ.

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.

මෙරට විශාලතම කාර්යාල හා නිවාස සංකීර්ණ, තරු පංතියේ හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත ජේ.ඩබ්ලිව් මැරියට් හොටෙල් ඇන්ඩ් රෙසිඩස්සීස් කුළුණේ දෙවැනි අදියරේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කෙරිණ.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම සහ කාගිල්ස් බැංකුව අතර නව ගිවිසුමක් අත්සන් තැබීණ.

හම්බන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ නව සත්ව කළාප දෙකක් දෙස් විදෙස් සංචාරකයින් සදහා සංචාරක, සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවුම් දිශාවක් කරා යොමු කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සූදානම් වේ. ඒ අනුව අන්තර්ජාතික ත්‍රාසජනක ක්‍රීඩා සැණකෙළියක් වන ත්‍රාසජනක තරග ලෝක ශූරතාවලිය (Adventure Racing World Championship) ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

මිරිස්ස තල්මසුන් නැරඹීමේ කර්මාන්තයෙන් පසුගිය දින 12ක කාලය තුළ රුපියල් කෝටි 3කට අධික මුදලක් අදායම් ලෙස රජයට ලැබී තිබේ.

කලපු ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය සඳහා මහනගර සංවර්ධනය හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ලංකා සතොස ආයතනයේ 408 වැනි ශාඛාව ඊයේ (31) එප්පාවල නගරයේදී විවෘත කෙරිණි.

Latest News