ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 13.1ක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය.

කොවිඩ්  - 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙළඳපලේ ශ්‍රි ලංකාවේ තේ සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ පළමුවරට 200 සීමාව ඉක්මවා යයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෞදි අරාබියේ සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ජා මීට හේතුව බව වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එය මුල්කර ගනිමින් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය පවුම එහි අවම මට්ටමට ඇඳ වැටී තිබේ. වසර 30කට පසු ඩොලරයට සාපේක්ෂව පවුම එහි වාර්තා කළ පහළම අගය මෙය ලෙස සැලකෙයි.

කොරෝනා වෛරසය තත්වය හේතුවෙන් ලොවපුරා කොටස් වෙළෙඳපොළ තවදුරටත් පසුබෑමක් පෙන්වයි.

අමෙරිකාවේ එස් ඇන්ඩ් පී 500 දර්ශකය පහත වැටුණු අනුපාතය 7%කට වැඩි වේ.

වෙළෙඳ පොළේ එළවළු මිලගණන් මේ දිනවල පහළ බසිමින් පවතිනවා.

ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන්වල අඛණ්ඩ ඉහළ‍යාමක් වාර්තා වේ.

“සෙරන්ඩිපිටි නෙක්ස් ඩොර්” සන්නාම වීඩියෝව එළි දක්වා පැය 19ක් ඇතුළත එය ගෝලීය සමාජ ජාලා ඔස්සේ නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ.

පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන අනුපාතය සියයට 1.4ක් වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

කටාර් එයාර්වේස් සංකේත හුවමාරුව හරහා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මෙහෙයුම් ශක්තිමත් කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ.

පසුගිය මාස කිහිපයේ සිටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (20) සිට පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

කරුණු 35ක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බව, දෙස් විදෙස් සංචාරක වෙබ් අඩවි කිහිපයක් මත පළ කොට තිබේ.

Latest News