රජය, සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා, විදෙස් සංචාරකයින්ගේ පැමිණීම යළි සාමාන්‍ය අතට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 3.72 ක ධනාත්මක අනුපාතයකින් වර්ධනය වූ බව සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

බල්ගේරියානු සංචාරකයින් 200ක කණ්ඩායමක් දිවයිනට පැමිණේ.

Uber ගුවන් ටැක්සි සේවාව අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් 2020 වන විට ආරම්භ කරන බව Uber ආයතනය නිවේදන කර තිබේ.

චීන මෝටර් රථ කර්මාන්ත සංගමය නිකුත් කළ දත්ත අනුව පසුගිය මැයි මස චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය වෙන් වෙන්ව ලක්ෂ 1.12 ක් හා ලක්ෂ 1.04 වන බව වාර්තා වේ.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද (12) සිට නැවත විවෘත වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව නවතා දැමුණු අමතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට, එයාර් ඉන්දියා ගුවන් සේවය තීරණය කර තිබේ.

මෙරට පළමු පාවෙන කුටි සහිත කබානා හෝටල් සංකීර්ණය දෙසැම්බර් මස විවෘත කෙරේ.

මුතුරාජවෙල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා සංකීර්ණයේ ඉදි කෙරුණු ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය ලබන 24 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

චීනයේ සමාගම් 4කට 5G වාණිජ බලපත්‍ර හිමිවෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ පැවැත්වුනු මහා සාගර මාර්ග ධාවන උළෙල 2019 සඳහා (Great Ocean Road Running Festival) නිල ගුවන් සේවා දායකත්වය ලබාදෙන ලදී.

පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01) දින දහවල් සිට යළි ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරමින් කොග්ගල සුපිරි හෝටල් සංකීර්ණයකට ගිවිසුම් අත්සන් තබයි.

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් සෞඛ්‍යාරක්ෂිතව ඉදවූ උසස් පළතුරු ප්‍රචලිත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

ඇපල් සමාගමේ නිෂ්පාදන චීනය තහනම් කළහොත්, එම ආයතනයේ ලාභය 90%කින් අඩුවනු ඇති බව සුප්‍රකට "ගෝල්ඩ්මන් සව්ස්" ආයතනය පවසයි. ඇපල් සමාගම දුරකථන නිෂ්පාදන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ආයතනයකි.

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිසම සංවිධානය කළ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුව සිංගප්පූරුවේ දී පැවැත්විණ.

ගූගල් සමාගම හුවාවි ජංගම දුරකථන උපාංගවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මෘදුකාංග නවීකරණ කිරීම අත්හිටුවා තිබේ.

පොළොන්නරුව දීප උයන මධ්‍යයේ ඉඳි කෙරුණු ෆයිවු ජී තාක්‍ෂණයෙන් යුත් දුරකතන සන්නිවේදන කුළුණ අද විවෘත කෙරිණ.

කැනඩාවේ British Columbia පළාතේ මහාධිකරණය විසින් චීනයේ හුවා වෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන්ග් වුඅන් චෞ මහත්මිය අමෙරිකාවට භා‍ෙදීම පිළිබඳ සාක්ෂි විමසීම පසුගියදා සිදුකෙරිණ.

Latest News