ඇපල් වෙළදාමත් පහත වැටෙයි

ජන 03, 2019

    චීනයේ ආර්ථික වර්ධන වේගය පහත වැටීමත් සමඟ ඇපල් සමාගමේ වෙළෙදාමේ ද පසුබෑමක් පෙන්නුම් කරයි.

    එම නිසා සමාගමේ ආයෝජනකයන් ගැටලු ගණනාවකට මුහුණ පා සිටින බව වාර්තාවේ. ඉකුත් වසරේ දෙසැම්බර් 29 වන විට ඇපල් සමාගමේ ආදායම ඩොලර් බිලියන 84ක් ලෙස වාර්තා වුවද, එය ඩොලර් බිලියන 91.5ක් ලෙස විශ්ලේෂකයන් අනුමාන කළ ඇස්තමේන්තු ආදායමට වඩා අඩු අගයකි.

    ඇපල් සමාගම ඩොලර් බිලියන 89ක්, 93ත් අතර ආදායමක් අපේක්ෂා කළේය. උත්සව සමයේ දී සමාගම වඩාත් ශක්තිමක් වෙළෙඳපොළ ආදායමක් පෙන්නුම් කරයි. ඇපල් සමාගමේ නිෂ්පාදනවල පැයක විකුණුම් ප්‍රතිශතය 7.7කින් අඩුවීම හේතුවෙන් සමස්ත සමාගම් වෙළෙඳපොළ වටිනාකම ද ඩොලර් බිලියන 700ක පහළ යාමක් පෙන්නුම් කරයි.

    Latest News