තල්මසුන් නිසා මිරිස්ස ආදායම වැඩිවෙයි

ජන 02, 2019

    මාතර, මිරිස්ස ප්‍රදේශයට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රෙයන් ඉහළ ගොස් තිබේ.

    සංචාරක සමය එළඹීමත් සමඟ වැඩි වශයෙන් විදේශීය සංචාරකයන් පැමිණෙමින් සිටින බව, වාර්තා වෙයි. තල්මසුන් නැරඹීම සඳහා මිරිස්ස ප්‍රදේශයට සංචාරකයෝ වැඩි වශයෙන් පැමිණෙති. මිරිස්ස, මිදියගම, වැලිගම, යන ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු වෙරළේ සුන්දරත්වය විඳීමට ද විදෙස් සංචාරකයෝ දැඩි කැමැත්තක් දක්වයි. ජර්මනිය, ප්‍රංශය, රුසියාව, අමෙරිකාව, එංගලන්තය ආදී රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් මිරිස්ස ප්‍රදේශයට පැමිණෙන බව අප වාර්තාකරු පවසයි.

    මේ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ආදායම ද සරුවී ඇත. විශේෂයෙන් තල්මසුන් නැරඹීම සඳහා භාවිත කරන යාත්‍රාවලට වැඩි ඉල්ලුමක් මේ දිනවල පවතින බව ද වාර්තා වේ.

    Latest News