අමෙරිකානුවන්ට කොවිඩ් එන්නත ලබන 11ට පෙර

නොවැ 23, 2020

    අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි 25 ලක්ෂය ඉක්මවා ගිහින්.

    ඉකුත් පැය 24 තුළ එරට කොරෝනා මරණ 866ක් සිදුව තිබේ. මේ අතර එළැඹෙන දෙසැම්බර් 11 වැනිදා වන විට කොවිඩ්-19 පළමු එන්නත අමෙරිකානුවන්ට ලබා දීමට හැකි වන බව එරට බලධාරීන් පවසයි.

    මේ අතර අද ‍අමෙරිකාවේ දෛනික ආසාදිතයන් අඛණ්ඩව ලක්ෂය ඉක්මවූ 20 වැනි දිනය බව පත්විය. ඉකුත් පැය 24 තුළ එරටින් හදුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 36,627ක්.

    අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි 25 ලක්ෂය ඉක්මවා ගිහින්. ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 36,627ක්.

    ගෝලීය කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට පන්කෝටි අසූනව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 13 ලක්ෂ 93,000කට අධිකයි.

    Last modified on සදුදා, 23 නොවැම්බර් 2020 11:41

    Latest News