පන්ජාබ් පළමු ජය ලබයි

මාර් 24, 2024

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය, කඩුලු 4 කින් ජයගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගය පැවැත්වුණේ මුල්ලන්පූර් හිදී.

    පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, කඩුලු 9 ක් දැවී ලකුණු 174 ක් රැස්කළා. ශායි හෝප් ලකුණු 33 යි.

    අභිෂේක් පෝරල් නොදැවී ලකුණු 32 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං සහ හර්ෂාල් පටෙල් කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

    ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය පංජාබ් කිංග්ස් කණ්ඩායම, පිළිතුරු ඉනිමේදී පන්දු වාර 19 යි, පන්දු 2 ක් අවසානයේ කඩුලු  6 ක් දැවී ලකුණු 177 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තා.

    සෑම් කරන් ලකුණු 63 යි. ලියම් ලිවිංග්ස්ටන් නොදැවී ලකුණු 38 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ඛලීල් අහමඩ් සහ කුල්දීප් යාදෙව් කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

    තරගයේ වීරයා සෑම් කරන්.

    Latest News