චෙන්නායි නළවන දෝනි

මාර් 12, 2024

    2024 IPL තරගාවලියේ පළමු අදියරේ තරග එළඹෙන මාරතු 22 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙලෙස ඇරඹෙන්නේ ඉතිහාසයේ 17 වන අදියරයි.

    ඒ අනුව පසුගිය වර කිරුළ හිමි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය දිවා රාත්‍රී මූලික පුහුණුවීම් ආරම්භ කළා.

    මෙම පුහුණු සැසිය සඳහා නායක මහේන්ද්‍ර සිං දෝනි, දීපක් චාහර්, රුතුරාජ් ගයික්වාඩ් සහ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද සහභාගි වී සිටියා. කෙසේ වෙතත් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් මේ දින වල ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වී සිටින නිසා මෙම පුහුණු සැසියට සහභාගී වූයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පමණයි.

    පස් වරක් IPL කිරුළ දිනූ චෙන්නායි කණ්ඩායමට නායකත්වය දෙමින් සිටින දෝනි ලොව බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් නායකයෙක් සහ ක්‍රීඩකයෙක්.

    මෙවර තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි කණ්ඩායම බැංගලෝර් කණ්ඩායම සමග මාර්තු 22 වනදා චෙන්නායි එම්.ඒ චිදම්බරම් පිටියේදී තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මතීෂ පතිරණ, මහේෂ් තීක්ෂණ මෙවරත් චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

     

    Latest News