ජය කාටද ? තීරණය අද

මාර් 09, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

    ඒ, බංග්ලාදේශයේ සිල්හෙට්හි දී.   ‍දෙරට අතර පැවති 20 - 20 තරග දෙකෙන් පළමු තරගය ලකුණු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. බංග්ලාදේශය කඩුලු 8 කින් එහි දෙවැනි තරගය ජය ගත්තා. අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනවා. පළමු සහ දෙවැනි 20 - 20 තරග සඳහා ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ ආබාධය හේතුවෙන් ඔහු අද තරගයට සහභාගී වන්නේ නැහැ. තරග තහනමක් හේතුවෙන් පළමු සහ දෙවැනි 20 - 20 තරග සඳහා සහභාගී නොවුනු වනිඳු හසරංග අද තරගයට නායකත්වය දෙනවා. තරගය බංග්ලාදේශයේ සිල්හෙට්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3.00 ට පැවැත්වීමට නියමිතයි.

    Latest News