පිලිපීන කත කුඩු සමඟ කොටු

මැයි 22, 2024
    කොකෙන් මත්ද්රව්ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා.

    ඇය සතුව තිබී කොකේන් කිලෝ ග්රෑම් 2 ග්රෑම් 851 ක් ගුවන්තොටුපොළ රේගුව විසින් සොයා ගැනුණා.

    මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200කට අධිකයි.
     
    ඉතියොපියාවේ, අඩිස් අබාබා සිට දෝහා - කටාර් හරහා මෙම කාන්තාව මෙරටට පැමිණ තිබෙනවා.
     
    ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග මෙම කොකේන් මත්ද්රව්ය අඩංගු පාර්සල් 03 සඟවා රැගෙනවිත් තිබුණා.
     
    ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
     
    එම සැකකාර කාන්තාවගේ මිතුරියක් මාර්ගයෙන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙලෙස මත්ද්රව්ය මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
     
    ඒ සඳහා ඇයට අමෙරිකානු ඩොලර් 1,000ක මුදලක්, ගුවන් ප්රවේශ පත්ර සහ දින 5ක කාලයක් සඳහා ශ්රී ලංකාවේ සංචාරක හෝටල්වල නැවතීම සඳහා අවශ්ය පහසුකම් සැපයීමටද මත්ද්රව්ය ජාවාරම්කරුවන් විසින් අවශ්ය පියවර ගෙන තිබූ බවටද තොරතුරු වාර්තා වුණා.

    Latest News