අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

මැයි 29, 2023

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ කෙරුණා. දිවයින පුරා මධ්‍යස්ථාන 3568 කදී එය ලබන 08 වැනිදා දක්වා පැවැත්වෙනවා.

    සිසුන් හාර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනවා. පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය පනස් දෙනෙකු ඊට ඇතුළත්. හතලිස් දහසක පමණ කාර්ය මණ්ඩලයක් විභාග කටයුතු සඳහා යොදා තිබෙනවා. විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට විභාග මධ්‍යස්ථාන 03ක් ක්‍රියාත්මකයි. මහරගම අපේක්ෂා රෝහල, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේද විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි. මැගසින් බන්ධනාගාරය හා අයි ඩී එච් රෝහල යන ස්ථානවලද විභාග මධ්‍යස්ථාන කියාත්මකයි. අද විභාගය සඳහා රැඳවියන් 5 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මේ අතර, පාදුක්ක වටරැක එළිමහන් සිරකඳවුරේ රැඳවියන් 5 දෙනෙකුද අද පෙරවරුවේ අපොසෙ සාමාන්‍ය විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා. මෙවර අපො‍ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඩෙංගු රෝගය වැළඳුනු දරුවන් 18 දෙනෙකුද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.

    විභාගය පැවැත්වෙන කාලසීමාවේ යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහාද කටයුතු සූදානම් කර තිබෙනවා. යම් සිසුවෙකු ස්වභාවික ආපදා තත්ත්වයක් මත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකිවුවහොත් 117 අංකය අමතා අවශ්‍ය කටයුතු සලසා ගත හැකියි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි. බාධාවකින් තොරව සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද ‍සලසා තිබෙනවා.

    Latest News