මෝඩාභිමානය - නිමි -

මැයි 28, 2023

    කොළඹ පසුගියදා පැවති උත්සවයකදී බුදු දහම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාශා එදිරිසූරිය නැමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විදේශගතවීම සඳහා ඇය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

    පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රධානපෙලේ පාසලක පැවති වැඩසටහනකදී මෙම තැනැත්තිය බුදු දහමට අපහාස වන ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබුණා. ඊට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වුණා. අදාල කාන්තාව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක්ද සිදුකර තිබුණා.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, ඒ අනුවයි.

    නතාශා එදිරිසූරිය නැමැත්තිය මේ වන විට පොලිස පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා තිබෙනවා.

    Latest News