හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව හෙට සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කෙරිණ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිතුමාගේ නියෝගය නීති විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අද (13) යළි විභාගයට ගැනීමට  අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුව සැසිවාරය කල් දැමීමට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය නිතිවිරොධි යැයි ප්‍රකාශ කරනමෙන් ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරණමෙන් ඉල්ලා නීතිපතිගේ මුලික විරෝධතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඥාති සොයුරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කෙරුණා.