රු. මිලියන 12ක් වංචා කිරීමට වරදකරු වූ ජලසම්පාදන මණ්ඩලයේ ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම් නියම කරයි.

චෙක්පත් මගින් රුපියල් මිලියන 12 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලය ගණකාධිකාරිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතල වැඩ සහිත මෙම වසර 37 ක සිරදඬුවම් නියම කර ඇත.

මෙම ගණකාධිකාරවරයා ආනන්ද මාබෝල නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.

ඊට අමතරව රුපියල් ලක්ෂ 40 ක දඩයක් සහ රුපියල් ලක්ෂ 130 ක වන්දියක් ද ගෙවිය යුතු බව නියෝග කර තිබේ. එම දඩය සහ වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් මූලික සිර දඬුවමට අමතරව තවත් වසර 23 ක බරපතල සිරදඩුවම් නියම කරන බව විනිසුරුවරයා තීන්දුවෙන් සඳහන් කර ඇත.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ විත්තිකාර ගණකාධිකාරීවරයා 2005 වසර තුළ ජලසම්පාදන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාරවරයා ගේ අස්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් චෙක්පත් 57 ක් මගින් රුපියල් මිලියන 12 ක මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවයි.

චෝදනා අටක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු චෝදනා සියල්ලට ම වරදකරු කරන බව ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීමට ජනවාරි මස 29 දා ගත් තීරණය‍ වළක්වාලමින් පැනවූ තහනම් නියෝගය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) විසුරුවා හැර තිබේ.

update- බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධිය අදාළව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.  රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණයට නියෝග කර තිබේ.

ඩුබාහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 24ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොළඹ අපරාධ කොට්ඨසයට අවසර ලබා දෙයි.

අද (27) බදුල්ල නගරයේ මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය විකිණීමට තබා තිබූ වෙළදසැල් 13 කට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම නඩුව අප්‍රේල් මස 4 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

පසුගිය යුද සමයේ LTTE සංවිධානය විසින් උතුරු සහ නැගෙනහිර වලදමා තැබූ හා හංගලා තිබු ගිනි අවි, අත් බෝම්බ හා අවි ආයුධ සොයා පාතාල කල්ලිවලට විකුණු LTTE සංවිධානය සම්බන්ධ පැවැත්වූ පුද්ගලයන් හා පාතාල කල්ලි සාමාජිකයන් ඇතුළු 12 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අවසර ලබා දුනී.

විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් අද(19) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු 4ක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.