ශෙබාස් ෂෙරීෆ් පකිස්තානු අගමැති ධූරයට

මාර් 03, 2024

    ‍‍‍පකිස්ථාන නව අගමැතිවරයා වශයෙන් ශෙබාස් ෂෙරීෆ් මහතා පත්වී තිබෙනවා.

    ඔහු අගමැති ධුරයට පත්වී තිබෙන්නේ, දෙවැනි වරටයි.

    පසුගියදා පැවැත්වූ පකිස්ථානු මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් බහුතර බලයක් අත්නොකරගත් අතර හිටපු අගමැති නවාස් ෂෙරීෆ් පක්ෂය වන පකිස්ථාන මුස්ලිම් ලීගය, පකිස්ථානු ජනතා පක්ෂය සමග එක්ව සංධාන රජයක් පිහිටුවීමට පියවර ගත්තා.

    ගිය මැතිවරණයෙන් පකිස්ථාන මුස්ලිම් ලීගය ආසන 73කුත් ජනතා පක්ෂය ආසන 54 කුත් දිනා ගනිමින් පාර්ලිමේන්තු බහුතරය සංධානයක් වශයෙන් අත්කර ගත්තා.

    ඒ අනුව ශෙබාස් ෂෙරීෆ් දෙවැනි වරටත් අද පකිස්ථානු නව අගමැතිවරයා ලෙස තේරීපත් වූවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පකිස්තානු ජනතා පක්ෂයේ නායක අසීෆ් අලී සර්දාරී මහතා නව පකිස්ථානු ජනාධිපති ලෙස පත් කෙරෙණු බවටයි.

    ශෙබාස් ෂෙරීෆ් මහතා පළමු වරට අගමැති ධුරයට පත්වූයේ 2022 අප්‍රේල් මාසයේදීයි. ඒ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විශ්වාස බංගයකින් ධුරයෙන් පහ කිරීමත් සමගයි

    Latest News