වයසට ගියත් වැඩ උඩින්

පෙබ 08, 2024
    වයස අවුරුදු 102 ක පුද්ගලයෙකු ගුවන් යානයක් පැද වූ පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා. ඔහු රාජකීය ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමුවෙකු බවයි, බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    රාජකීය ගුවන් හමුදාවේ හිටපු පියාසර බල ඝන නායකයෙකු වන “ජැක් හෙමිංස්” දෙවන ලෝක යුද සමයේදී මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් පියාසර මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වූ ප්‍රවීණ ගුවන් නියමුවෙකු ලෙසයි, සැලකෙන්නේ.

    අවුරුදු 102 ක් වයසැති ඔහු “ස්පිට්ෆයර්” යුද ගුවන් යානයක් යළි පැඳවීමට සමත් වුණා. දෙවැනි ලෝක යුද සමයේදී, හිට්ලර්ගේ නාසි ජර්මානු ගුවන් හමුදාවට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා රාජකීය ගුවන් හමුදාව භාවිත කළ ප්‍රධාන යුද ගුවන් යානය වන්නේ, “ස්පිට්ෆයර්” යානයයි.
    පුණ්‍යායතනයක් සඳහා මුදල් රැස් කිරීම වෙනුවෙන්, “ජැක් හෙමිංස්” දකුණු එංගලන්තයේ ගුවන් තොටුපො‍ළකින් “ස්පිට්ෆයර්” වර්ගයේ යුද ගුවන් යානයක් යළි ගුවන් ගත කරමින් මිනිත්තු 20 ක කාලයක සාර්ථක ගුවන් ගමනක් සිදු කිරීමට සමත් වූ බවයි, බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News