අනියම් පෙම නිසා රූ රැජිනගේ කිරුළ ගැලවෙයි

පෙබ 07, 2024
    ජපානයේ රූ රැජින ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි ඇය අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබුණා.

    ෂුකාන් බුන්ෂුන් නමැති එම ටැබ්ලොයිඩ් පුවත්පත සඳහන් කර ඇත්තේ කැරොලිනා ෂිනෝ ජපානයේ විවාහක වෛද්යවරයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බවයි.
     
    එම චෝදනාව පිළිබඳ අදාළ වෛද්යවරයා මෙතෙක් කිසිදු ප්රතිචාරයක් දක්වා නැති බවත් විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරනවා.
     
    එම පුවත අනාවරණය වීමත් සමඟ ඇයට සහාය පළ කරමින් රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලය ප්රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම පුද්ගලයා විවාහකයකු යැයි ඇය නොදැන සිටි බවයි.
     
    එහෙත් පෙරේදා නැවත ප්රකාශයක් සිදු කරමින් සංවිධායක මණ්ඩලය ඔහු විවාහකයකු යැයි ඇය දැන සිටි බවත්, විදෙස් මාධ්ය වාර්තා කර තිබුණා.
     
    අනතුරුව ඇය ජනතාවගෙන් සමාව අයැද සිටි අතර, රූ රැජින කිරුළ නැවත ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.
     
    මෙවර රූ රැජින තරගයේ අනුශූරියන් කිහිපදෙනකු සිටිය ද වසර අවසානය දක්වා ජපාන රූ රැජින කිරුළ හිස්ව තැබීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇතැයි ද වාර්තා වනවා.
    Last modified on බදාදා, 07 පෙබරවාරි 2024 08:55

    Latest News