ගාසා හදවත නතුකර ගනී

ජන 24, 2024
    දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යූනිස් නගරය, තම හමුදාව විසින් වටකර ඇතැයි ඊශ්රායල හමුදාව පවසනවා.

    හමාස් නායකයන් ප්රාණ ඇපකරුවන්ද සමග එම නගරයේ උමං මාර්ගවල සැඟවී සිටින බව ඊශ්රායල හමුදාව විශ්වාසය පල කරනවා.

    නගරයෙන් පිටත මධ්යධරණී වෙරළ දෙස පිහිටි අවසන් මාර්ගයද ඊශ්රායල යුද ටැංකි යොදා වසා දමා තිබෙනවා. එමගින් ප්රදේශය මුළුමණින්ම වටකර ඇති බවයි ඊශ්රායල හමුදාව පවසන්නේ. ‌
     
    මේ නිසා නගරයේ සිටින කිසිදු අයෙකුට ගොඩබිම් මාර්ග ඔස්සේ දකුණු දෙසට පලායාමට නොහැකියි. නගරයේ ප්රධාන රෝහල් දෙක ආසන්නයේ මේ වන විට දරුණු සටන් පවතිනවා.
     
    ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේදී අවම වශයෙන් පලස්තීනුවන් 195 දෙනෙකු මියගොස් ඇති බව ගාසා හි සෞඛ්ය අමාත්යංශය පවසනවා.
     
    හමාස් සංවිධානය සහ ඊශ්රායලය අතර පවතින යුද්ධයේදී 25,400කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බව ද වාර්තා වනවා.
     
    උතුරේ හමාස් බලකොටු අත්පත් කර ගැනීමෙන් පසු ඊශ්රායල ගොඩබිම් හමුදාව දකුණු ගාසා තීරයට සිය මෙහෙයුම ව්යාප්ත කර තිබෙනවා.
     
    උතුරු ප්රදේශවලින් පලා ගිය ලක්ෂ සංඛ්යාත පිරිසක් නවාතැන් ගෙන සිටින ඛාන් යුනිස් නගරයේ වැදගත් ප්රදේශ වෙත දින කිහිපයක් ඇතුළත උපක්රමශීලීව ළඟා වූ බවද ඊශ්රායල හමුදාව පවසනවා.

    Latest News