හූති ග්‍රීසියේ නැවකට පහර දෙයි

ජන 17, 2024
    යේමනයේ හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ‍ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ග්‍රීසියට අයත් නෞකාවටයි, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වියට්නාමයේ සිට ඊශ්‍රායලය වෙත ගමන් කරමින් සිටියදී රතු මුහුදේ දී හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    කෙසේ වෙතත්, එම ප්‍රහාරයෙන් නෞකාවට සුළු හානි පමණක් සිදුවී ඇති බවයි, ග්‍රීක බලධාරීන් මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ. ඉකුත් සතියේදී ඉරානයේ සිට යෙමනේ හූති කැරලිකරුවන් වෙත ආයුධ රැගත් නෞකාවක් සිය භාරයට ගැනීමේ පුවත, අමෙරිකාව අනාවරණය කිරීමෙන් පසුවයි, මෙම හූති ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

    Latest News