ගාසා සුන්බුන් වෙයි ද? 85%ක් ජනයා අවතැන්

දෙසැ 18, 2023
    ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස බටහිර රටවල් රැසක් ඊශ්රායලයෙන් ඉල්ලා තිබෙනවා. ජර්මනිය, ප්රංශය සහ එක්සත් රාජධානියේ විදේශ ඇමතිවරු ඊයේ ඒකාබද්ධ ප්රකාශයක් නිකුක් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

    එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සහ ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් සඳහන් කරන්නේ විනාශවී යන මිනිස් ජීවිත සංඛ්යාව අති විශාල බවයි.

    ඊශ්රායල රජය, ත්රස්තවාදීන් සහ සිවිල් වැසියන් වෙනස් කොට හඳුනා ගත යුතු බවත්, හමාස් නායකයින් සහ ක්රියාකාරීන් ඉලක්ක කිරීම පමණක් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.
     
    ප්රංශ විදේශ අමාත්ය කැතරින් කොලොනා ඉල්ලා සිටියේ, ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහාත්, ගාසා තීරයේ දුක් විඳින සිවිල් ජනතාවට ප්රවේශ වීමට සහ වඩාත් මානුෂීය ආධාර ලබා දීමටත් ඉඩ සලසන පරිදි, සටන් විරාමයක් ක්රියාත්මක කරන ලෙසයි.
     
    ඔක්තෝබර් 7 වන දින හමාස්ගේ හදිසි ප්රහාරයෙන් පසු ඊශ්රායලය පලස්තීනුවන් 19,000 කට ආසන්න සංඛ්යාවක් මියගොස් ඇති බව ගාසා සෞඛ්ය අමාත්යාංශය පවසනවා.
    ගාසා තීරයේ බොහෝ ප්රදේශ සුන්බුන් බවට පත් වී ඇති අතර එහි වැසියන්ගෙන් 85%ක් අවතැන් වී සිටින බව වාර්තා වනවා.
     
    අයර්ලන්ත අගමැති ලියෝ වර්ඩ්කාර් ප්රකාශ කළේ, යුක්රේනයේ රුසියාවේ මිලිටරි මෙහෙයුම යුරෝපයේ හෙලාදැකීම සහ, ගාසා තීරයේ ඊශ්රායලයේ ක්රියා හෙළා දැකීමට අසමත් වීම නිසා යුරෝපා සංගමයට "විශ්වාසනීයත්වය නැති වී ඇති" බවයි.

    Latest News