වතිකානයේ නත්තල් ගසෙන් එළියට එන දැව බෝනික්කෝ

නොවැ 27, 2023
    වතිකානයේ ශාන්ත පීටර් චතුරස්රයට නිල නත්තල් ගස අද රැගෙන ආවා. වයඹදිග ඉතාලියේ අති රමණීය Cottain ඇල්ප්ස් කඳුකරයේ Maira නිම්නයේ වැඩුණු වසර 56 පැරණි ගසක් මෙවර නත්තල් ගස ලෙස තෝරාගෙන තිබුණා.

    මීටර් 28 උස මෙම ගස පාංශු ඛාදනය නිසා ඇද වැටීමේ අවධානමක තිබූ නිසාම මෙම කටයුත්තට තෝරා ගැනීමට මෙයට මැදිහත් වූ ගිනිනිවන හමුදා කණ්ඩායම තීරණය කර තිබුණා.

    නත්තල් ගස ලෙස භාවිතා කිරීමෙන් අනතුරුව මෙම ගස සෙල්ලම් බඩු නිපදවීමට යොදා ගැනෙන අතර ප්ලාස්ටික සෙල්ලම් බඩු මෙන් පරිසරයට මුදාහැරීමේ දී හානියක් සිදු නොවන දැව සෙල්ලම් බඩු යුරෝපයේ ඉතා ජනප්රියයි.
     
    මෙහි ඉදිවන කිතු උපතේ අනුරුව 2023 නත්තල් මස 9 වැනිදා සෙනසුරාදා ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ විසින් ආශිර්වාද කර විවෘත කරනු ඇති.
     
    පෘථිවිය මත සිදුකරෙන විශාලතම සංස්කෘතික මහා මංගල්යය සමය ලෙස සැළකෙන අසිරිමත් නත්තල මෙසේ ආරම්භ වී තිබෙනවා.

    Latest News