ප්‍රහාරක ගුවන් යානයකින් පියාසර කරන ඉන්දීය අගමැති

නොවැ 26, 2023

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඊයේ ප්‍රහාරක ජෙට් යානයක් පැදවූවා.



    තේජාස් (Tejas) නමින් හැඳින්වෙන මෙම ජෙට් යානයේ ගමන් කළ පළමු අගමැතිවරයා බවට මෝදි පත් වුනා.

    මෙම ගුවන් ගමන් සංචාරයේ වීඩියෝ දර්ශන සිය නිළ X ගිණුමේ සහ ෆේස් බුක් ගිණුමේ පළ කරන්නට අගමැතිවරයා අමතක කළේ නැහැ.

    බැංගලෝරයේ පිහිටි ආරක්ෂක මූලස්ථානයක් වෙත ඊයේ (25) පෙරවරුවේ පැමිණි අගමැතිවරයා එහිදී මෙම අත්දැකීම ලබා ගත්තා.

    MK-1 වර්ගයේ තේජාස් සැහැල්ලු ගුවන් යානා 40ක් නිපදවා භාවිතයට ගැනීමට ඉන්දීය ගුවන් හමුදාව ‍මේ වන විට සමත් වී තිබෙනවා.

    බැංගලෝර් ආරක්ෂක මූලස්ථානයේ පිහිටි නිෂ්පාදන කම්හලේ නිරීක්ෂණ චාරිකාවකටද අග්‍රාමාත්‍ය වරයා එක් වූවා.

    අගමැතිවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබුණා.
    "ඇදහිය නොහැකි තරමේ පොහොසත් අත්දැකීමකින් සහ ස්වදේශික නිපැයුම් පිළිබඳ විශ්වාසය ඉහළ නැංවූ සංචාරයකින් තේජාස් යාත්‍රාවේ මෙහෙයුමක් සාර්ථකව නිම කළා"

    Latest News