බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ අයර්ලන්ත තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට කැඳවීමක් ලැබී තිබේ.

එංගලන්තය සහ පාකිස්තානය බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් එංගලන්ත නායක ඉයොන් මෝගන්ට තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩමුදලක් අයකර ගැනීමට තිරණය කර තිබේ.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට හා එංගලන්තයේ පැවැත්වෙන ලෝක නෙට්බෝල් ශූරතාවලියට කෙටි කාලයක් තිබියදී ජාතික නෙට්බෝල් තේරීම් කමිටුව හදිසියේම වෙනස් වේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට හා අවිශ්ක ගුණවර්ධනට දූෂණ චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කිරීමට අද(10) තීරණය කර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වූහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කණ්ඩායම අද එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 7 වැනි දින දිවයිනෙන් පිටත් වේ.

ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පිටියේ ඉහළම ආරම්භක පිතිකරු සබඳතාවේ ලෝක වාර්තාව බිඳ හෙලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෝන් කැම්බල් සහ ශායි හෝප් අද සමත්වූහ.

ලෝ ප්‍රකට මාලිබර්න් ක්‍රීකට් සමාජයේ [Marylebone Cricket Club (MCC)] මීළඟ සභාපති තනතුර සදහා ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා වී ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජන කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ප්‍රවීණ ටේස්ට් ක්‍රිකට් ක්‍රීඩකය අසන්ත ද මෙල් පත්කර තිබේ.

කැපී පෙනෙන දක්‍ෂතා සහිත යොවුන් ක්‍රිකට් කණ්ඩායමක් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බව, ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පවසයි.

පකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දමා තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ තරඟයෙන් ජය වාර්තා කිරීමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වූහ.

ආසියානු 23 වැනි මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත් විය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ද සිය සංවේගය පළ කර තිබේ. ඒ සිය පෞද්ගලික ට්විටර් ගිණුම් මගින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් හය දෙනෙකුට එම කණ්ඩායම විසින් අපූරු දඬුවමක් පනවා තිබේ.

ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ප්‍රථම පදක්කම හිමිකර දීමට ඩිලංක ඉසුරු කුමාර අද සමත් විය.

දෝහා කටාර් හීදී හෙට (21) ආර­ම්භ­වන 23වැනි ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය මේ 24වැනිදා දක්වා දෝහා කටාර් කලීෆා ක්‍රීඩාං­ග­ණ­යේදී සිවු දිනක් පැවැ­ත්වීමට නියමිතයි.

Latest News