කුසල්ගේ තැන සදීරට

ඔක් 17, 2018

    ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

    කුසල්ගේ කළවයේ ආබාධය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුනටම ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි පැවසේ.

    දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අද (17දා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:18

    Latest News