ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද

ජූලි 02, 2023

    ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ සත්කාර සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගය අද පස්වරු 12.30ට බුලවායේ හි ක්වීන්ස් ස්පෝර්ට්ස් ක්ලබ් පිටියේ දී පැවැත්වෙනවා.

    සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් සියලු තරග ජය ගනිමින් අපරාජිතව සිටීම විශේෂත්වයක්.

    සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටිනවා. ඒ තරග 5කදී ලකුණු 532ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තරග 5 කදී ප්‍රතිවාදී කඩුලු 20ක් බිඳ හෙළමින් පන්දු යවන්නන් අතර මුල් තැන ගෙන සිටිනවා.

    ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

    Latest News