නෙයිමර්,මෙසී ඇතුළු කණ්ඩායම කටාර් රාජ්‍යයට

නොවැ 17, 2022

    ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 20 වැනිදා කටාර්හිදී ආරම්භ කෙරෙනවා.

    තරගාවලියට සහභාගී වන කණ්ඩායම්   රැසක් සත්කාරක කටාර් රාජ්‍ය වෙත මේ වන විටත් පැමිණ සිටිනවා.  

    මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් තිබෙන කණ්ඩායම් අතර සිටින ආජන්ටිනාව ඊයේ කටාර් වෙත පැමිණියා.

    මීට පෙර 1978 සහ 1986 වසරවලදී ඔවුන් ලෝක පාපන්දු කිරුළ ජයගෙනතිබෙනවා. මෙවරත් ආජන්ටිනා කණ්‍ඩායම නියෝජනය කරන ලියොනෙල් මෙසී මිට පෙර අවස්ථා 4 කදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වුණා‍.

    ඔහු සහභාගී වන අවසන් ලෝක කුසලාන තරගාවලිය ද මෙය වනු ඇති. මෙවර මූලික වටයේ දි ආජන්ටිනාව "සී" කණ්ඩයෙන් තරග වදිනවා. ඔවුන් පළමු තරගයේ දී සෞදි ආරාබිය සමග තරග වදින්නේ ලබන 22 වැනි දිනයි.

    මේ අතර බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමර් ඇතුළු බ්‍රසීල කණ්ඩායමත් මේ වන විට කටාර් වෙත ළගා වි තිබෙනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 20 වැනිදා සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වීමට නියමිතයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 13:23

    Latest News