‍කොල්ලුපිටියේදී බස් රථයක් අනතුරට

ඔක් 06, 2023

    කොල්ලුපිටිය මංසන්ධිය අසලදී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් 17 දෙනෙකු තුවාල ලැබුවා.

    කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100 ක් පමණ දුරින් ඩුප්‍ලිකේෂන් මාර්ගය අසලදී අනතුර සිදුව තිබෙනවා.

    බස්රථය කොළඹ සිට දෙනියාය බලා මගීන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක්. මාර්ගය අසළ තිබූ විශාල ගසක් බස් රථය මතට කඩා වැටී තිබෙනවා. එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය පවසන්නේ. කඩිනමින් ගස කපා ඉවත් කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කළා.

    Last modified on සිකුරාදා, 06 ඔක්තෝබර් 2023 09:39

    Latest News