ළමා ශ්‍රමිකයන් ලෙස ලෝක ළමා දිනය සමරණ කඳුකරයේ දරුවෝ (ඡායාරූප)

ඔක් 02, 2019

    ලෝක ළමා දිනය ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේ සමරනු ලැබුවේ ලැබිණ.

    බොහෝ ළමයින්ට මෙදින විශේෂ වරප්‍රසාද මෙන්ම විවිධ සැළැකිලි හා ත්‍යාග බෝග ලැබෙන දිනයකි. එහෙත් උඩරට වතුකරයේ ළමුන් පිරිසක් ලෝක ළමා දිනයදා විවිධ වැඩ කටයුතුවල නිරතව කිසියම් හෝ මුදලක් සොයා ගැනීමට වෙහෙසන අයුරු වතුකරය ආශ්‍රිත ප්‍රදේශයන්ගේ අප අද (01) සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවේදි අනාවරණය විය.

    නුවරඑළිය- තලවාකෙල් මාර්ගයේ ප්‍රදේශයේ වතු කම්කරු ළමුන් රැසක් මාර්ගයේ රැදී සිටිමින් ගොටු කොළ විකුණමින් සිටිති. ඔවුන් උදෑසන මාර්ගයට පැමිණ සවස්වන තුරු ගොටු කොළ මිටි එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල යන පිරිස්වලට විකුණමින් සිටිති. ඔවුන් අව්වට වේලමින් වැස්සට තෙමෙමින් මුළු දිනයම කීයක් හෝ සොයා ගැනීමට වෙහෙසෙමින් සිටින අයුරු එහි යන එන කාටවුව දැක ගත හැක.

    nuwaeliyachild4 px 900 19 1

    ඔවුන් එසේ ළමා කාලය මහ පාරට ගෙවා දමන්නේ කීයක් හරි මුදලක් සොයා ගෙන දෙමාපියන් රැක බලා ගැනීමටය. ඔවුන් හොහොමයක් නියමිත පරිදි පාසල් නොයති. නිසි පරිදි පෝෂ්‍යදායි ආහාර වේලක් නොලබති. මාර්ගයේ පැමිණෙන රථවාහන නවතා ගැනීමට විශාල වෙහෙසක් දරයි. එහෙදි ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් විය හැකි යයි සිතේ.

    nuwaeliyachild1 px 900 19 1

    තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ තිස්පනේ, කැටඹුලා ප්‍රදේශයේ එකම පවුලේ ළමුන් තිදෙනෙකු පාසල් නොයා රෝගිව සිටින තම පියා රැක බලා ගැනීමට වෙහෙසන අයුරු දැක ගන්නට ලැබිණි. නමින් සසිදරන් මන්ගප්පන් වන ඔහුගේ වයස අවුරුදු 57 කි. 2015 වසරේ වැළදුණු රෝගයක් හේතුවෙන් ඔහු දැනට නිවසේ එක්තැන්ව සිටින අතර ඔහු රැක බලා ගන්නේ පාසල් වයසේ සිටින ළමුන් තිදෙනාය. ඔහුගේ බිරිඳ 2013 වසරේදි ඔහු හැර ගොස් තිබේ.

    nuwaeliyachild2 px 900 19 1

    කබිලේෂන් (18) යනු ඔහුගේ වැඩිමහල් පුතාය. ඔහු 2016 වසරේ සිට පාසල් නොයා වෙළෙඳ සැලක වැඩ කරමින් තම පියා රැක ගැනීමට වෙහෙසෙයි. ඔහු උපයා ගන්නා මුදලින් තම පියාත් සහෝදරයනුත් රැක බලා ගනී. හරිෂාන් (12) යනු ඔහුගේ දෙවන පුතා වන අතර, වයස අවුරුදු 11 ක් වන සගිතා දියණියයි. ඔවුන්ද පාසල් නොගොස් නිවසට වී තම පියාට ඇප උපස්ථාන කරමින් කාලය ගත කරනු ලබයි.

    nuwaeliyachild3 px 900 19 1

    ළමා කාලය අහිමි වී ගොස් ඇති උඩරට වතුකරයේ ළමුන්ගෙන් කීප දෙනෙකුගේ තොරතුරු එසේය. සොයා බලන්නේ නම් තවත් අති විශාල පිරිසක් මෙම තත්ත්වයට මුහුණ පා සිටින අයුරු සොයා ගත හැකිය.

    වාර්තාව - හැටන් චන්දන ජයවීර

    Latest News