කැලරීටාගේ පවුලට අමුත්තන් තිදෙනෙක්

ඔක් 31, 2018

    පේරු රාජ්‍යයේ ලීමා අගනුවර හුආචිපා සත්ත්ව උද්‍යානයේ, බෙංගාල සුදු ව්‍යාඝ ධේනුවක් පැටවුන් තිදෙනෙකු බිහිකර තිබේ.

    සතුන් මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණි. පැටවුන් උපත ලැබුවේ මාස දෙකකට ඉහතදීයි. ලොව වඳවී යාමේ තර්ජනයට මුහුණපා තිබෙන සත්ත්ව විශේෂයක් ලෙසයි බෙංගාලා සුදු ව්‍යාඝ්‍රයන් සැලකෙන්නේ.

    මෙම දුර්ලභ ව්‍යාඝයන් බංග්ලාදේශය, ඉන්දියාව හා නේපාලය වැනි රාජ්‍යයන්හි වනාන්තරවල වාසය කරයි. ක්ලැරීටා ලෙස හැඳන්වෙන මෙම ව්‍යාඝ්‍ර ධේනුව හුආචිපා සත්වෝද්‍යානයට ගෙනැවිත් ඇත්තේ, ආර්ජන්ටිනාවේ සිටයි. උපත ලැබූ පැටවුන් අතර, පිරිමි සතුන් දෙදෙනෙකු හා ගැහැණු සතෙකු වෙයි.

    පැටවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව, හුආචිපා සත්වෝද්‍යානයේ නිලධාරීන් පවසයි.

    Latest News