කාබනික වගාවෙන් සාරවත් ඩ්‍රැගන් ෆුට් අස්වැන්නක්

ජූලි 22, 2021

    කාබනික වගාවෙන් සාරවත් ඩ්‍රැගන් ෆුට් අස්වැන්නක් ලබාගන්නා ගොවීන් කණ්ඩායමක් පිළිබඳ තොරතුරක් අනුරාධපුරයෙන් වාර්තා වේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාව මඩාටුගම මහවැලි කලාපයේ ගොවීන් බහුතරය මීට වසර කීපයකටකට පෙර සිට කාබනික ඩ්‍රැගන් ෆුට් වගාවට යොමුවි, මේ වන විට සාරවත් අස්වැන්නක් ලබා ගනිමින් සිටින බව ගොවීහු පවසති.

    dragan-frut-04.jpg

    ඩ්‍රැගන් ෆුට් අක්කරයකින් රුපියල් ලක්ෂ 25 ත් 30 ත් අතර මිලක් තමන්ට ලැබෙන බව ද කිසිඳු රසායනික පොහොරක් යෙදීමකින් තොරව සම්පූර්ණ සියයට සීයක් කාබනික වගාවෙන් පමණක් මෙම සියලු වගාබිම් සිදුකර ඇති බව මඩාටුගම ඩ්‍රැගන් ෆුට් ගොවියෝ පවසති.

    මඩාටුගම කුඩාඇලගමුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඩ්‍රැගන් ෆුට් වගා කොට ඇති ගොවි මහතෙකු වූ ධම්මික ප්‍රියන්ත විජේරත්න මහතා කියා සිටියේ තමන්ගේ මහන්සියෙන් ඩ්‍රැගන් ෆුට් වගාව මීට වසර 5 කට පෙර සිට ආරම්භ කළ බව යි. තනිකරම කාබනික වගාවට තමන් ඇතුළු ගොවීන් පනහක් හැටක් පමණ දෙනා මේ වන විට යොමු වී තිබෙන බවත් එම සියලු දෙනාගේම අස්වැන්න මේ වෙනවිට ලැබෙමින් පවතින බව ද ධම්මික ගොවි මහතා සඳහන් කළේය.

    වගාබිම්වල සාර්ථක ඩ්‍රැගන් ෆුට් වගාව දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    dragan-frut-05.jpg

    dragan-frut-03.jpg

    dragan-frut-09.jpg

    dragan-frut-11.jpg

    එළු පොහොර ගොම පොහොර සහ කොළරොඩු ඒකරාශී කරග ගනිමින් තනාගත් පොහොර මේ සඳහා යෙද වූ බවත් වස විස නැති ආහාර නිෂ්පාදනය කිරීම සඳහා තමන් යොමු වූයේ ජාතික වගකීමක් ඉටු කිරීමට බව ද ඔවුන් අප සමග පැවසීය.

    තමන්ගේ වගා බිමෙන් මේ වන විට රුපියල් ලක්ෂ විසි පහක් තිහක් පමණ ආදායමක් ලබා ගෙන ඇති බවත් තවදුරටත් වගා බිමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණයය කර ගනිමින් තමන්ට අවශ්‍ය පොහොර තම ගෙවත්තේ ම නිෂ්පාදනය කර ගැනීම සිදුකරන බවද ධම්මික ගොවි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    dragan-frut-01.jpg

    ඩ්‍රැගන් ෆුට් කිලෝවක් රුපියල් 400ක් 450 ත් අතර මිලකට තාම වගා බිම්ට ම පැමිණ මිලදී ගැනීම සිදුකරන බවත් කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ ඩ්‍රැගන් ෆුට් ඕනෑම අයෙකුට මිලදී ගැනීම්ට හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

    කාබනික පොහොරවලින් මේ ආකාරයට බෝග වගා කළ හැකි බවත් ඉතා සාර්ථක අස්වැන්නක් ඒ මගින් ලබාගත හැකි බවද පෙන්වා දෙන ඩ්‍රැගන් ෆුට් ගොවින් කියා සිටින්නේ තම වගාවට ද ඒ මගින් දීර්ඝකාලීනව එම පොහොර ඉතා සාර්ථකව ඵල දරා තිබෙන බවයි.

    dragan-frut-14.jpg

     

     

    Latest News