ඔඩිසියස් සඳ මතට

පෙබ 23, 2024

    සඳ මතුපිට ගවේෂණ යානයක් සාර්ථකව චන්ද්‍රයාමතට ගොඩබැස්සවීමට අමෙරිකානු පෞද්ගලික සමාගමක් ප්‍රථම වරට සමත්ව තිබෙනවා.

    පෞද්ගලික සමාගමක් ලෙස ප්‍රථම වරට මෙය සිදු කර ඇත්තේ, “ඉන්ටුටිව් මැෂින්ස්” සමාගමයි.

    අමෙරිකාවේ වාණිජ සමාගමක් වන “ඉන්ටුටිව් මැෂින්ස්” පෞද්ගලික සමාගම චන්ද්‍ර ගවේෂණ යානයක් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව ගොඩබැස්සවීමට සමත්ව තිබෙනවා.

    නාසා ආයතනයේ අරමුදල් සහිතව එම සමාගම විසින්, නිෂ්පාදනය කරන ලද මෙම ගවේෂණ යානය නම් කර ඇත්තේ, “ඔඩිසියස්” ලෙසයි.

    සිය චන්ද්‍ර ගවේෂණ යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව, එමගින් සංඥා නිකුත් කෙරුණු බව, “ඉන්ටුටිව් මැෂින්ස්” සමාගම පවසනවා.

    සඳ මතුපිට ඡයාරූප ඇතුළු දත්ත විධිමත් ලෙස සිය “ඔඩිසියස්” යානය මගින් සම්ප්‍රේෂණය කරනු ඇති බවටයි,  සමාගම අපේක්ෂා කරන්නේ. 1972 වසරෙන් පසු සිදු කෙරුණු ‍අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහන්වල මෙය ඉතා සුවිශේෂී පියවරක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    Latest News