‘කුච් කුච් හෝතා හේ’ ට විසි වසරයි!

ඔක් 17, 2018

    අනූවැනි දශකයේ සුවහසක් ජනතාව අතර අතිජනප්‍රියත්වයට පත්වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටය එළිදක්වා විසි වසරක් ගතවීම නිමිත්තෙන් ඊයේ (16) දින විශේෂ උත්සවයක් ඉන්දියාවේ පැවැත්වුණි.

    මෙම අවස්ථාවට චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟපෑ ශාරුක් ඛාන්, කාජල් හා රාණි මුඛර්ජි මෙන්ම එහි අධ්‍යක්ෂක කරන් ජොහාර් ද එක්ව සිටි අතර, එයට බොලිවුඩ් පුරවරයේ නළුනිළියන් රැසක්ද සහභාගී විය.

    වසර 1998 දී එළිදැක්වුණු ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටය විසින් එම වසරේ හොඳම චිත්‍රපටය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය.

    ඊයේ පැවති උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ :

    KuchKuchH1 750px 18 10 17

    KuchKuchH2 750px 18 10 17

    KuchKuchH3 750px 18 10 17

    KuchKuchH4 750px 18 10 17

    KuchKuchH5 750px 18 10 17

    Latest News