ලංකාව ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට එයි

නොවැ 07, 2018

    ලෝක බැංකුවේ ව්‍යාපාර දර්ශකයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

    ඒ, ඉකුත් වසරට සාපේක්ෂව ස්ථාන 11කින්. රටවල ව්‍යාපාර කිරීම සඳහා පවතින වාතාවරණය සළකා ලෝක බැංකුව වාර්ෂිකව අදාළ වාර්තාව නිකුත් කරනු ලබයි.

    2019 සඳහා වූ වාර්තාව පසුගියදා නිකුත් කෙරිණ. ඉකුත් වසරේ 59.42%ක් වූ එම අගය, මේ වසරේ දී 61.22% දක්වා ඉහළ ගොස් තිබේ. රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, 100 වැනි ස්ථානයයි. හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම සඳහා වූ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති මෙමගින් පිළිඹිඹු කෙරේ. දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ, ඉන්දියාවටයි.

    ඔවුන්ට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි. භූතානය දෙවැනි ස්ථානය හා ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.

    Latest News