ලොව විශාලතම එළිමහන් සොහොන් බිම ගාසා වෙයි

මාර් 19, 2024
    ඊශ්රායල ප්රහාර හේතුවෙන් මේ වන විට ලොව විශාලතම එළිමහන් සොහොන් බිම, ගාසා තීරයේ නිර්මාණය වී ඇති බව, යුරෝපා සංගමය සඳහන් කරනවා.

    එහි, විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසප් බොරෙල් කියා සිටියේ, ඊශ්රායල් ප්රහාරවලට පෙර එය ලොව විශාලතම එළිමහන් සිර කඳවුර වී තිබූ බවයි.

    බෙල්ජියමේ බ්රසල්ස් අගනුවර ඊයේ පැවති යුරෝපා සංගමයේ අමාත්යවරුන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
     
    යුරෝපා සංගමයේ විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසප් බොරෙල් වැඩිදුරටත් කියා සිටියේ, ගාසා තීරය මේ වන විට දස දහස් ගණන් මිනිසුන්ගේ පමණක් නොව, මානුෂ වාදී නීති මූලධර්මවල ද සොහොන් බිමක් වී ඇති බවයි.
     
    ඊශ්රායලය මේ වන විට සාගින්න යුද අවියක් ලෙස භාවිත කරමින් සිටින බවට ඔහු චෝදනා කරනවා. මෙම නිසා ඊශ්රායලය, ගාසා තීරයට ආධාර රැගත් ට්රක් රථවලට ඇතුල් වීමට ඉඩ නොදෙන බවයි, ඔහු කියා සිටින්නේ.
     
    මේ පිළිබඳ අදහස් දක්විමන් ඊශ්රායල විදේශ අමාත්ය, ඊශ්රායල් කට්ස් කියා සිටියේ, තම රටට වාග් ප්රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසයි. එසේම, තම රටට හමාස් සංවිධානයේ අපරාධවලින් ස්වයං ආරක්ෂාව සලසා ගැනීමේ අයිතියක් ඇති බවයි, ඊශ්රායල විදේශ අමාත්යවරයා කියා සිටියේ.

    Latest News