යුපුන් අලුත් කළ ද ආසියානු වාර්තාව

ජූලි 04, 2022
  • තත්පර 10කට අඩු කාලයකින් ඉසව්ව නිමකළ දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත් වෙමින් මීටර් 100 දකුණු ආසියානු හා ශ්‍රී ලංකාව වාර්තාව නැවතත් අලුත් කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

    ඔහු ඉසව්ව නිම කළේ තත්පර 9.96කින් (W+1.6m/s). මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ලොව වේගවත්ම ක්‍රීඩකයා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 දී වාර්තා කළ කාලය වන්නේ තත්පර 9.58ක්.

    තරගය පැවැත්වුණේ ස්විස්ටර්ලන්තයේ Resisprint international ඊයේ පැවති (03) මළළ ක්‍රීඩා තරගාවලියේදී.

    මීට පෙර එම වාර්තාව ඔහු විසින්ම පිහිටුවා තිබූ අතර එහිදී කාලය සටහන් වුණේ තත්තර 10.06 ලෙසයි.

    ඒ අනූව, තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් වාර්තා අතරට එක් විය.

     

    Last modified on සදුදා, 04 ජූලි 2022 09:18

    Latest News