94වැනි වරට පැවැත්වෙන කොළඹ ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය

මාර් 02, 2024

    කොළඹ ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    තරගය මෙවර සංවිධාන කර ඇත්තේ, 94 වැනි වරටයි. ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙවර ඉරුත් ගිම්ෂාන්ගේ නායකත්වයෙන් තරග වදින අතර, නාලන්ද කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, සජිත විතානගේ. කාසියේ වාසිය හිමි කර ගත් ආනන්ද කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී නාලන්දා පිලට ලබා දුන්නා. ආනන්ද විද්‍යාලය, සුලෝහිත සංග්‍රාමය, මෙතෙක් පැවති තරග 93 න්‍ තරග 12 ක ජය හිමි කර ගෙන ඇති අතර, නාලන්ද විද්‍යාලයට තරග 7 ක ජය හිමි වුණා. තරග 73 ක් නිමා වූයේ, ජය පරාජයකින් තොරවයි.

    Latest News