මරේගේ සිහිනය

මාර් 05, 2024

    බ්‍රිතාන්‍ය හිටපු ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ කටාර්හි පැවති කටාර් විවෘත්ත ටෙනිස් තරගාවලියට සහභාගී වුනා.

    නමුත් ඔහුට මුහුණ දීමට හැකි වූයේ මූලික වටයට පමණයි.

    කෙසේ වෙතත් ඔහු මෙම වසරේ ලද පළමු ටෙනිස් ජයග්‍රහණය මෙම තරගාවලියේදී වාර්තා කළා. ඒ ප්‍රංශයේ ඇලෙක්සැන්ඩර් මුලර් පරාජය කරමින්. ලකුණු තත්වය දැක්වුනේ 6-1, 7-6, 7-5 ක් ලෙසයි.

    විශ්‍රාම ගැනීමට පෙර එක් වරක් ඔලිම්පික් තරගාවලියකට සහභාගී වීමේ සිහිනයක් ඇති බව ඇන්ඩි මරේ ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. 37 වැනි වියේ පසුවන ඇන්ඩි ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා 3කට හිමිකම් කියනවා.

    ඇන්ඩි 2012 එක්සත් ජනපද විවෘත ශූරතාවයට හිමි කම් කියූ අතර 2012 සහ 2016 ඔලිම්පික් කේවල ශූරයා බවට පතුවූනා. 2013 සහ 2016 විම්බල්ඩන් ශූරයා වූ ඇන්ඩි ලෝක ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් වල අංක එකේ රැඳුනු ක්‍රීඩකයෙක්.

    අද වන විට ඔහුට හිමිව ඇත්තේ 61 වන ස්ථානයයි

    Latest News