අයර්ලන්තය ඉතිහාසගත ටෙස්ට් කිරුළ දරයි

මාර් 02, 2024

    අයර්ලන්තය ලොව ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගැනීමට සමත් වුණා.

    ඒ, ඊයේ අවසන් වූ තරගයේ කඩුලු 6 කින් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින්. ‍අබුඩාබිහි ටොලරන්ස් ඔවර්ල්හි පැවති තරගයේ පළමු ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, පන්දුවාර 54 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 155 ක් රැස් කළා. ඊබ්‍රහිම් සද්‍රන් ලකුණු 53 යි. කරීම් ජානට් නොදැවි ලකුණු 41 යි. පන්දු යැවීමේ දී මාර්ක් ඇ‍ඩෙයර් ලකුණු 39 ට කඩුලු 5 ක් බිඳ හෙලුවා.

    අනතුරුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 263 ක්. පොල් ස්ටාලින් ලකුණු 52 යි. කර්ටිස් කැම්පර් ලකුණු 49 ක් ලබා ගත්තා. දෙවැනි ඉනිම ආර්ම්භ කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිලුය දෙනා දැවී ලකුණු 218 ක් රැස් කර ගැනීමට හැකි වුණා. හෂ්මතුල්ලා ෂහිදී ලකුණු 55 යි. රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 46 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ක්‍රේග් යං ලකුණු 24 ට කඩුලු 3 ක් බිඳ හෙලුවා. අනතුරුව ලකුණු 111 ක ඉලක්කයක් සඳහා පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම, සිය ඉනිම අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කයට ළඟා වුණා. ඇන්ඩි බර්බෙල්නි නොදැවි ලකුණු 58 යි. ලෝකන් ටකර් නොදැවි ලකුණු 27 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී නවීඩ් සද්‍රන් ලකුණු 31 ට කඩුලු 2 ක් බිඳ හෙලුවා.

    Latest News