ගුජරාට් ටයිටන්ස් IPL අවසන් තරගයට

මැයි 27, 2023

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගුජරට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ, ‍ඊ‍යේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්.

    තරගය පැවැත්වුණේ, අහමදාබාද් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, පන්දු වාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 233 ක් රැස්කළා. ශුග්මන් ගිල්, ලකුණු
    129 යි. පන්දු 60 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට, හතරේ පහර 7 ක් සහ හයේ පහර 10 ක් ඇතුළත්. පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දු වාර 18 යි, පන්දු 2 ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 171 ක් පමණයි. සූර්යකුමාර් යාදේව්, ලකුණු 61 යි. පන්දු යැවීමේදී මෝහිත් ෂර්මා, ලකුණු 10 කට කඩුලු 5 ක් බිඳහෙලුවා. තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 62 කින්. තරගාවලියේ අවසන් මහා තරගය, හෙට පැවැත්වෙන්නේ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර. ඒ, අහමදාබාද් හිදී.

    Last modified on සෙනසුරාදා, 27 මැයි 2023 16:14

    Latest News