එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ 4වැනි දිනය

ජන 17, 2021

    සංචාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

    තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ ලහිරු තිරිමාන්න සහ ලසිත් ඇඹුල්දෙණිය.

    දිනයේ පළමු කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙනිය ලකුණු නොලබා දැවී ගියේය. ලහිරු තිරිමාන්න අද වාර්තා කළේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකයයි.

    ඔහු ලකුණු 111ක් ලබා සිටියදී දැවී ගියේය. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 135ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 412ක් ලබා ගත්තේය. තරගය රූපවාහිනී අයි නාලිකාවෙන් සජීවීව විකාශය කෙරේ.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 13:05

    Latest News