බස් ගාස්තුවේ වෙනසක්?

අප්‍රේ 01, 2024
    ඉන්ධන මිල අඩු වුවද, ජාතික ප්රතිපත්තිය අනුව බස් ගාස්තු අඩුවීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්යම රාත්රී සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කළා.

    ලංකා IOC සහ සිනොෆෙක් සමාගම්ද මීට සමගාමීව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගැනුණා.
     
    අනුව, සුපිරි ඩීසල් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 72 කින් අඩු කර තිබෙනවා. රුපියල් 458 ක්ව පැවති එහි නව මිල රුපියල් 386 ක්.
     
    ඔක්ටේන් 95 පෙට්ර ල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර තිබෙනවා. රුපියල් 447 ක්ව පැවති එහි නව මිල වන්නේ, රුපියල් 440ක්. ලංකා භූමිතෙල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 12.00 කින්.
     
    රුපියල් 257 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක්. ඔක්ටේන් 92 පෙට්ර්ල් සහ ලංකා සුදු ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

    Latest News