අගමැතිට එරෙහි සීතල යුද්ධයක්

අප්‍රේ 01, 2024
    ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට ප්රදේශ කිහිපයක විරෝධතා හටගෙන තිබෙනවා.
    ඒ, ජෙරුසෙලමේ පිහිටි ඊශ්රායල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටදී.
     
    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, විරෝධතා සංවිධාන කර තිබෙනවා. ඊශ්රායල-ගාසා යුද්ධයේ සටන් විරාමයක් ඇති කිරීම, හමාස් බාරයේ සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ වහාම මැතිවරණයක් පැවැත්වීම එම ඉල්ලීම් අතර වනවා.
     
    ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්රායල් අග්රාමාත්යවරයාට එරෙහිව එල්ල වන විශාලතම විරෝධතාව මෙයයි.
     
    හමාස් සංවිධානය, ප්රහාර එල්ල කළ අවස්ථාවේ ඊශ්රායලයේ පැවති ආරක්ෂක ක්රමවේදයේ දුර්වලතා පිළිබඳව අග්රාමාත්යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.
     
    ගාසා තීරයට එල්ල කළ ප්රතිප්රහාරවලදී සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ද ඊශ්රායල අග්රාමාත්යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

    Latest News