නොහිතා ආපු චාන්දනීගෙන් ගෙදර ආ වීරයටත් මාර්කට් එකක් (වීඩියෝ)

මාර් 05, 2019
  • Ruනිවුස් වෙබ් අඩවියේ කලා විශේෂාංගය සමගින් එක්වන වේදිකාව, සිනමාව ජයගත් ප්‍රවීණ කලා ශිල්පිනියක්..

    ඇය නමින් චාන්දනී සෙනවිරත්න.. දශක කිහිපයක් සිනමාව, වේදිකාව සහ පුංචි තිරය මත චරිත මැව් ඇය කලාවේ අත්පොත් තැබුවේ ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂිකා සෝමලතා සුබසිංහගෙන්. කවදාත් සුවිශේෂි රංගන කාලවක් ශ්‍රි ලාංකීක ප්‍රේක්ෂකයින්ට ගෙන ආ ඇය කලා නිර්මාණයක් තෝර ගැනිමේ දි සැලකිලිමත්වීම කැපීපෙනෙන්නක්. මේ වන විටත් ඇය කලාව සමගින් කාර්ය බහුල රංගන ශිල්පිනියක්ව සිටින්නේ චාරිතාංග නිළියක් ලෙසින් ක්ෂේත්‍රය ප්‍රබල චාරිතයක් ගොඩනගා ගැනීමට සමත්විම නිසාවෙනි.

     Ruනිවුස්ඔබ මේ කලා ක්ෂේත්‍රය ආරම්භ කරපු අවදිය අපි ටිකක් මතක් කරමු ?

    චාන්දනී සෙනවිරත්න - කිසිම අදහසක් තිබුන්නැති කාලෙක..පාසල් යද්දී..සෝමලාත සුභසිංහ මහත්මිය මගෙ පාසලට ආවා..ඇය නිර්මාණ කටයුතු වගයක් කළා.. ළමා නාට්‍යය..ඒකට දායකවෙලා තමයි මේ ගමන පටන්ගත්තේ..

    Ruනිවුස් - ආරම්භක යුගයේ ටෙලිනාට්‍ය.. අද දකින ටෙලිනාට්‍ය  කොහොමද වෙනස්වෙලා තියෙන්නේ..අඩුපාඩුකම්, වර්ධනයවීම් තියෙනවාද?

    චාන්දනී සෙනවිරත්න - හොද සහ නරක දෙකක් තියෙනවා..මේ ක්‍රමය තුල එන්න එන්න නිර්මාණාත්මක ගුණය හීනවෙලා ගිය..අවරගනයේ වැල්බැදගත්ත ටෙලිනාට්‍ය සම්ප්‍රදායක් ඇවිත්..'ප්‍රේක්ෂකයාගේ විඥානය වඩවන කියන අර්ථය දෙන්න බැරි නිර්මාණ ගොඩක් බිහිවෙමින් යනවා...අවරගනයේ දේවල්වලට නාලිකා හරහා ඉඩකඩ වැඩියෙන් ගොඩනැගිලා තියෙනවා..

    Ruනිවුස් - වානිජ්‍යමය කරුණු මුල්කරගෙන ටෙලිනාට්‍ය මොනවිදිහට වෙනස්වෙලා තියෙනවද?

    චාන්දනී සෙනවිරත්න - ඇත්තටම මුල්කාලයේ දී ජාතික රූපවාහිනිය තමයි ප්‍රේක්ෂකයාට හරවත් දෙයක් දෙනවා කියලා සියයට සියයක්ම විශ්වාසය ප්‍රේක්ෂකයා වෙත බඳවාගෙන තිබුණ එකම නාලිකාව..කලාත්මක නිර්මාණ ගැන යම් කෙනෙක් හිතනවා නම්, ඒවයින් මුදල් හොයන්න බැහැ කියලා.. මාර්කට් එකක් නැහැ කියලා..ඒක වැරදී කියලා මම විශ්වාස කරනවා..ඒකටත් මාර්කට් එකක් තියනවා..

    Ruනිවුස් - වීරයා ගෙදර ඇවිත් ඔබ කොහොමද දකින්නේ?

    චාන්දනී සෙනවිරත්න - අපි කවුද කියලා මොහොතකට හරි හිතලා බලන්න වෙලාවක් ගන්න පුළුවන් වීරයා ගෙදර ඇවිත් බලලා..පුන පුනා කතාකරනවා මනුෂ්‍යත්වය ගැන.. පශ්චාත් යුධ සමය ගැන කතාකරද්දි හරිම ව්‍යාකූල අවස්ථා, පුද්ගලයන්, ජීවිතයට මුහුණ දෙන විදි, රටේ පිරිලා තියෙනවා..වීරයා ගෙදර ඇවිත් කියන්නෙත් එවැනිම අවස්ථාවක්..ඉතින්.. සෙනසුරාදා ඉරිදා 8.30ට රූපවාහිනිය බලන්න කියලා මෙම ආරාධනා කරනවා. වීරයා ගෙදර ඇවිත් බලන්න.

    Ruනිවුස් - සමාජයේ බලපෑම් කණ්ඩායමක් ලෙස පසුගියදා ඔබේ නම කියවුණා.. කොහොමද ඒ හඩ අවදිකළේ?

    චාන්දනී සෙනවිරත්න - පක්ෂ දේශපාලනයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කිසිම අදහසක් නැති කෙනෙක් මම..ඒත් අපේ අයිතීන් ඉල්ලන්නැතුව පසු බසින සමහර කාරණා..එහෙම  වෙන්න දෙන්න ඕන  දේවල් නෙවෙයි..එහෙම වෙන්න ඕන දේවල් නෙවෙයි කියලා මම හිතනවා..ඉතින් කලාකරුවන් විදිහට අපි කතාකරනකොට.. ඒ දේවල් වෙනුවෙන් ජනතාවට පුංචි හරි උද්යෝගයක් එනන් පුළුවන්..

    Ruනිවුස් - ගුණාත්මක ටෙලිනාට්‍යයක් තෝරගන්නේ කොහොමද? ජනතාවට දෙන පණිවුඩය මොකක්ද ඇහුවොත්?

    චාන්දනී සෙනවිරත්න - අපිට හරි අමාරුයි කියන්න ප්‍රේක්ෂකයන්ට කලාත්මක දේවල්, රසවින්දනය තියන දේවල් තෝරගන්න කියලා..එතකොට..මොකක්ද ඒකෙ ප්‍රමිතිය කියලා ඒගොල්ලො අපෙන් අහයි.. ඉතින් හොදම දේ තමයි ටික ටික හරි රසවින්දයට යහපත් දේවල් පුරුදු පුහුණු වෙන එක..

    Runews- කෞෂි රාජපක්ෂ...

    Chandani1 900px 19 03 05

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 14:01

    Latest News