"ගින්නෙන් උපන් සීතල" එළියට

ජන 19, 2019

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරිණ.

    ආරියවංශ ධම්මගේ විසින් තිර රචනය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා පණ පොවා තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවන චරිතය ඇසුරින් ඔහුගේ දේශපාලන හැදෑරීම පිලිබඳව මෙහිදී පෙන්නුම් කෙරේමෙහි රංගන දායකත්වය සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්න, ඇතුළු රංගන ශිල්පී ශිල්පීනියන් මෙහි රංගන දායකත්වය සපයයි.

    නිෂ්පාදනයෙන් චමත්කා පීරිස්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධකුමාර, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, සංගීතය නදීක ගුරුගේ මෙයට දායකත්වය සපයයි.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, දයාසිරි ජයසේකර මහතා, මහින්ද අමරවීර මහතා, බිමල් රත්නායක මහතා, K.D. ලාල්කාන්ත මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 09:38

    Latest News